පළාත් පාලන ආයතන 20 ක් රැස්වන දින ගැසට් කෙරේ

බලය පිහිටුවීමේ අර්බුද හේතුවෙන් මංගල රැස්වීම පමා වූ කොළඹ මහ නගර සභාව ඇතුළු බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 21ක රැස්වීම් ආරම්භ කිරීම සඳහා දින නියම කර තිබෙනවා.

බස්නාහිර පළාත්, පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර ඊයේ (03) නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ලබන 16 වන දා පැවැත්වෙන බවයි.

බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදයක් මතුව නොමැති පළාත් පාලන ආයතන 161ක ප්‍රධාන තනතුරු පසුගියදා ගැසට් කෙරුණු අතර, එම පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු ඉකුත් 02 වැනිදා ආරම්භ වුණා.

කෙසේ වෙතත් බලය පිහිටුවීමේ අර්බුද පවතින පළාත් පාලන ආයතන 178ක කටයුතු එදින ආරම්භ වූයේ නැහැ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එලෙස බලය පිහිටුවීමේ අර්බුද පවතින පළාත් පාලන ආයතනවලට අදාළ ඉදිරි කටයුතු සඳහා පළාත් කොමසාරිස්වරුන්ට බලය ලැබෙන පරිදි ගැසට් නිවේදන නිකුත් කරන බවයි.

ඒ අනුව බස්නාහිර පළාත්, පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර ඊයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වන එළඹෙන 16 වනදා නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති ධුර සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීමට ද නියමිත බවයි.

එමෙන්ම, සීතාවක නගර සභාව සහ සීතාවක ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම මේ මස 17 වනදා පැවැත්වෙනු ඇති.

කොළොන්නාව, පෑලියගොඩ සහ වත්තල, මාබෝල නගර සභා වල නිල කාලය ආරම්භ වන්නේ මේ මස 18 වනදායි.

දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සහ බේරුවල නගර සභාවේ මංගල සැසිය ලබන 19 වනදා පැවැත්වෙන අතර, බේරුවල සහ කලූතර ප්‍රාදේශීය සභාවල මංගල සැසිය පැවැත්වෙන්නේ, 20 වනදායි.

කළුතර මහ නගර සභාවේ සහ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ මංගල සැසිය මේ මස 23 වනදා පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මීට අමතරව හොරණ නගර සභාව ඇතුළුව බස්නාහිර පළාතේ තවත් ප්‍රාදේශීය සභා 8ක මංගල රැස්වීම ආරම්භ වන දින සම්බන්ධයෙන් අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

  • Related Posts

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට…

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *