රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2025 IPL කිරුළ තමන් සතු කරගනී

ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය.

මෙවර අවසාන මහා තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණේ මෙතෙක් ඉතිහාසයේ තමන් වෙත හිමි නොවූ IPL කුසලානයක පහස භුක්ති විඳීමේ ඒ්කායන අපේක්ෂාවෙනි.

එහිදී තියුණු තරයකින් පසු ඉතිහාස‌යේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල අද සමත් විය.

අවසාන මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගත් පංජාබ් කිංග්ස් නායක ශ්‍රීයර්ස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කෙසේවෙතත් පංජාබ් නායකයාගේ තීරණයට සටන්කාමී ඉනිමකින් පිළිතුරු ලබා දීමට රෝයල් චැලෙනජර්ස් බැංගලූරු පිල මෙහිදී සමත් වූයේ සිය පන්දු වාර 20 තුළ කඩුළු 9කට ලකුණු 190 ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට සමත්වීමත් සමගිනි.

එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලේ ඉහළම ලකුණු ලාභියා වූ සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි පන්දු 35කදී ලකුණු 43 ක් ලැබීමට සමත්විය. කෙසේවෙතත් T20 තරග රටාව සැලකීමේ දී මෙය තරමක මන්දගාමී ඉනිමක් ලෙසින් හැඳින්විය හැකි අතර ඊට කිසිදු හයේ පහරක් ඇතුළත් නොවීමද විශේෂත්වයකි. කෙසේ නමුදු රෝයල් චැලෙන්ජර්ස් ඉනිමේ අවසාන භාගයේ දී ජිටේෂ් ශර්මා 24 (10) හා රොමාරියෝ ෂෙපර්ඩ් 17 (9) දියත් කළ ප්‍රවේගකාරී පිතිහරඹය, රෝයල් චැලෙන්ජර්ස් පිලට ලකුණු 190ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට ඉහළ දායකත්වයක් ලබාදුනි.

පන්දු යැවීමේ දී පංජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ආර්දීප් සිං හා කයින් ජෙමිසන් කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් පිලට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුළු 7ක් දැවී ලකුණු 184 ක් පමණි.

පංජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ශෂන්ක් සිං පන්දු 30කදී හයේ පහර හයක් ද සමඟින් ලකුණු 61 ලබා ගැනීමට සමත් වුවද එය රෝයල් චැලෙන්ජර්ස් පිලේ ලකුණු 190 ක ඉලක්කය අභිබවා යාමට තරම් ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව අවසාන මහා තරගය ලකුණු 06 කින් ජයගෙන 2025 IPL ශූරතාවය තමන් සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල අද සමත් විය.

  • Related Posts

    බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (27) දින නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 16…

    ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට

    ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදසේ වාර්තා සඳහන් කරයි. එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *