මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනිගනී

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව තිබේ.

මෙම නෞව්කාව මගින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබේ.

එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන ඇත.

2023 වර්ෂයේදී ද මේ ආකාරයෙන් ජර්මනියේ සිට සිංගප්පූරුව දක්වා විද්‍යුත් මෝටර් රථ 500යකට ආසන්න ප්‍රමානයක් සමග මෝටර් රථ 3,000ක් රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනිගැනීයමට ලක්ව තිබූ බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

  • Related Posts

    ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට

    ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදසේ වාර්තා සඳහන් කරයි. එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර…

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *