හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඔහු මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාදීම සඳහායි.
මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී තිබෙනවා.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහගෙන් මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිතයි.





