පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
සමාජ හා සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයක වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් එය සලකා බැලීම සඳහා මෙසේ දින නියම කරනු ලැබුවා.





