මී උණ රෝගීන් සහ ළමුන් අතර පැතිර යන උණ රෝග ඉහළට

දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය මෙම අදහස් පළ කළාය.

“මේ රෝගය බෝවෙන්නේ බැක්ටීරියාවකගෙන්. විශේෂයෙන් ක්ෂීරපායි සතුන්ගේ මූත්‍රා මඟින්. ඇත්තම කියනවා නම් මීයන්ගේ තමා මුත්‍රා පද්ධතියේ මේ බැක්ටීරියාව ජීවත් වෙන්නේ. මීයන් වතුර බොන අවස්ථාවන්වලදී මුත්‍රා ජලයට මුසු වෙනවා. එහෙම නැත්නම් පසට මුසුවෙනවා. ඒ පසෙන් හෝ ජලයෙන් අපි නිරාවරණය වුණොත් මිනිස්සුන්ට මේ රෝගය බොහෝදුරට වැලඳෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ එක්කම අවධානම් කණ්ඩායම් ගැන අපි කතා කළොත් වී ගොවීන්, සමහර දිස්ත්‍රික්කවල පතල් කර්මාන්තයේ නියැලෙන අය, ගංවතුරට ආවරණය වුණොත් සහ කීරකොටුවල වගා කටයුතු නියැලෙන්නන් පෙන්වා දිය හැකියි.”

මේ අතර මේ දිනවල ළමුන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේ දී කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා මෙලෙස පැහැදිලි කළේය.

“මේ දවස්වල ළමයින්ගේ අතර තද උණ රෝග පැතිරෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මොකද මෝසම් වැසි සමඟ උණ රෝග කිහිපයක් පැතිරෙනවා. හැම අවුරුද්දේම. ඒවට අපි කියන්නේ සවර් ෆීවර් කියලා. ඒ ප්‍රධාන කාණ්ඩයේ අපිට වැදගත්ම වෙන්නේ ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා සහ විකුන්ගුන්යා මෙන්ම උණ සමඟ එන පාචනය. මට දෙන්න ඕන ලොකුම පණිවුඩය තමා දරුවාට තද උණ සමග වමනය යනවා නම්, බඩ රිදෙනවා නම්, මුත්‍රා පිටවීමේ අඩුවක් තියෙනවා නම් බල බල ඉන්න එපා ඉස්පිරිතාලෙකට යොමු වෙන්න.”

  • Related Posts

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට…

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *