ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගය දින 10ක් වසා තැබේ

ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ නව බේලි පාලමක් ඉදිකිරිමට මෙලෙස වසා තැබේ.

ඒ අනුව අද (14) සිට ජුනි මස 24වනදා දක්වා දින 10ක් එම මාර්ගය වසා තැබීමට පියවර ගෙන ඇත.

මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටියි.

අදාළ මාර්ගයේ ලොනැක් වත්ත ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් මෙලෙස නව පාලමක් ඉදිකිරීමට සිදුව ඇත.

එම පාලම වසර 04ක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින බවත්, පවතින වර්ෂාවත් සමග එය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවධානමක් තිබෙන බවත් ප්‍රදේශවාසීන් පවසයි.

  • Related Posts

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට…

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *