ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අධියර 01 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4.00 සිට හෙට (17) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය පැවසීය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර, බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල, අයගම, රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.





