ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට

ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදසේ වාර්තා සඳහන් කරයි.

එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර ඇති බවත්, ඉදිරියේදි තවත් පිරිසක් එලෙස ඝාතනය කිරීමට ඉරානය සූදානමින් සිටින බවත් එව වාර්තාවන්හි දැක්වේ.

යුදමය තත්ත්වය සහ තම රාජ්‍යයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය වීමත් සමග ඉරානය මෙම මෙහෙයුම දියත්කර තිබේ.

මේ අතර ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ආරම්භ වී සිව්වැනි දිනය එළැඹෙද්දී, එම යුද ගැටුමට තුන්වැනි පාර්ශ්වයක් ලෙස එක්වූ අමෙරිකාව සහ ඉරානය අතර පරස්පර අදහස් දැක්වීම් තවදුරටත් වාර්තා වේ.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (25) ‘ඉරාන – අමෙරිකා’ න්‍යෂ්ටික සාකච්ඡා ගැන කළ ප්‍රකාශයකට ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ (26) පවසා ඇත්තේ, ඉරානයට එවැනි සාකච්ඡාවකට සැලසුමක් නැති බවය.

  • Related Posts

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිර වීමෙන් ගුවන් ගමන අත් හිටුවයි

    එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිරවී තිබීම හේතුවෙන් පැය පහකට වැඩි කාලයක් ගුවන් ගමන ප්‍රමාද වූ බවට තොරතුරු වාර්තා වෙනවා. “2025 ජුනි 25 වන දින මුම්බායි සිට බැංකොක් දක්වා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *