චීනයේ කුන්මිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.
එහි මංගල ගුවන් යානය ඊයේ පෙරවරුවේ කුන්මිං සිට මෙරටට පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු කියා සිටියේ.
එස්.එෆ්. ගුවන් සේවය විසින් සිදුකරනු ලබන මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාව සඳහා යොදවා ඇත්තේ බෝයිං 747-200 වර්ගයේ ගුවන් යානයක්.
මෙම ගුවන් යානය හරහා මෙටි්‍රක් ටොන් 22ක භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකියාව පවතිනවා.





