කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක එංජිම සහිත මැදිරිය පමණක් රඹුක්කන දුම්රිය ස්ථාන අංගනයේදී පිලී පැනීමකට ලක්ව තිබෙනවා.
මෙම දුම්රිය ගමනාන්තය අවසන් කර නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට රඹුක්කන දුම්රිය ස්ථානයේ වේදිකාවට පැමිණීමේදීයි මෙසේ පිලී පැනීමකට ලක්ව ඇත්තේ.
මේ හේතුවෙන් රඹුක්කන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ත්‍රිත්වයක් අවහිරව වීම නිසා ප්‍රධාන මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානය වෙත දුම්රියන් ඇතුල් වීමට හා පිට වීමට නොහැකිව තිබෙනවා.




