වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් වැලිගම ප්‍රදේශීය සභාව තුළ ඉතා උණුසුම් තත්ත්වයක් දැකගත හැකි බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.





