අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.

කුඩා පරිභෝජන සහ ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පවසයි.

ඒ වගේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබේ.

ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වේ.

ඒකක 30 – 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රු 2කින් ඉහළ ගොස් ඇති අතර එහි ඒකකයක නව මිල රුපියල් 8කි. ඒ අනුව එම කාණ්ඩයේ මාසික ගාස්තුව රු 10කින් ඉහළ යනු ලබන අතර එය රු 210ක් බවට පත් වේ.

මේ අතර ඒකක 61 – 90 සමස්ත බිල්පත් වැඩිවීම රු 240කට සීමාවේ.

ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රු 840කට සීමා වෙන අතර ඒකක 180ට වැඩි කාණ්ඩයට රු 2220කට සීමා වේ.

ඒ අනුව ගෘහස්ත අංශයේ විදුලි ගාස්තු සංශෝධනය රු 20 සිට රු 2220 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒකක 180ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩිවීමක් නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇත.

කර්මාන්ත අංශය පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව ඒකක 300ට වැඩි වෙන විට ඒකක ගාස්තුව 4කින් සහ මාසික ගාස්තුව රු 50කින් ඉහළ යනු ඇත.

විශාල කර්මාන්ත, හෝටල් සහ පොදු කර්මාන්තවල ස්ථාවර ගාස්තුව රු 5000 එලෙසම පවතින අතර, මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රු 100කින් ඉහළ යනු ඇත.

  • Related Posts

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට…

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *