නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට නිදහස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනපති වෙත ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත.

එහි සඳහන්වන පරිදි,

1. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් මෙහෙයවීම, වගකිව යුතු සියලු පාර්ශවයන් හඳුනාගැනීම සහ අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය විනය හෝ නීතිමය පියවර ගැනීම.

2. ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම.

නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට නීතිඥ සංගමය සූදානමින් සිටින බවත් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය අඛණ්ඩතාවයෙන් හා සාධාරණත්වයෙන් ජනතාවට සේවය කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් එම ලිපියෙන් දැනුම් දී තිබේ.

  • Related Posts

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට…

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *