ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අදියර 01 මට්ටමේ අනතුරු ඇඟවීම් මෙලෙස නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි සංවිධානය පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල සහ අඟලවත්ත, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළකෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට සහ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැළියගොඩ හා අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ‍ගොඩනැගිලි සංවිධානය පැවසීය.

  • Related Posts

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට…

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *