තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි

හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ තිබේ.

මෙලෙස යළි පැමිණි තිබුණේ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයකි.

මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ගුවන්යානය යළි හොංකොං බලා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගුවන්යානය මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතින බව වාර්තා වෙයි.

මෙම සිදුවීම අද (16) වාර්තා වී තිබුණේ පසුගිය 12 වනදා එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානය අනතුරට ලක්වී දින කිපයකට පසුවයි.

එම ගුවන් අනතුරින් ගුවන් යානයේ සිටි 242 දෙනා අතරින් 241 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.‍

  • Related Posts

    ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට

    ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදසේ වාර්තා සඳහන් කරයි. එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර…

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *