එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන්ගමන අවලංගු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම යානය අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යානය පසුගිය දා අනතුරට ලක්වූ AI 171 යානය වෙනුවට ලන්ඩන් බලා පියාසර කිරීමට නිමියතව තිබූ AI 159 දරණ නව ගුවන්යානයයි.

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් වන AI 159 ගුවන් යානය පස්වරු 1:10ට පිටත්වීමට නියමිතව තිබුණද, දෝෂයක් අනාවරණය වීමෙන් පසු ගුවන් ගත කිරීමට පැය කිහිපයකට පෙර එය නතර කරන ලදී.

ගුවන් ගමන අවලංගු කිරීම හේතුවෙන් මගීන් 200කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ බව සඳහන්ය.

පසුගිය දා සිදු වූ ගුවන් අනතුරෙන් පසු අහමදාබාද්-ලන්ඩන් එයාර් ඉන්දියා ගුවන් ගමනක් අවලංගු කළ දෙවන අවස්ථාව මෙය වේ.

  • Related Posts

    ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට

    ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදසේ වාර්තා සඳහන් කරයි. එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර…

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *